Monday, September 23, 2024

General line - 0115112241

ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න! ඩෙංගු කරදරේ මදිවට නියඟයෙනුත් කරදර!




ඩෙංගු මෙන්ම නියඟය ද දිස්ත‍්‍රික්ක කිහිපයකට මේ වනවිට තර්ජනයක් වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සියලූ දෙනා උනන්දු විය යුතු බවයි. 

උතුර නැගෙනහිර උතුරු මැද පළාත් සහ තවත් දිස්ත්‍රක්ක කිහිපයකට නියඟයෙන් බලපෑම් එල්ලවෙනව. පවතින තත්ත්වය අනුව ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන් කියල ජනතාවගෙන් ඉල්ලා සිටිනව.

පීඩාවට පත් දිස්ත‍්‍රික්කවල වැසියන් වෙනුවෙන් ජලය බවුසර් මගින් බෙදා හැරීමට සහ එම ප‍්‍රදේශවල ජල ටැංකි ස්ථාපිත කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අවශ්‍යතා සහිත ප‍්‍රදේශ හඳුනාගෙන බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බව ජාතික ජලාපවහන හා ජල සම්පාදන මණ්ඩලය ද කියා සිටියා.