Monday, September 23, 2024

General line - 0115112241

නොරොච්චෝලේ පණ ගන්න දවස් 05ක් ඉල්ලයි!




නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය නැවත සක‍්‍රීය කර ජාතික පද්ධතියට එක් කිරීමට දින පහක් පමණ ගතවනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. මේ, එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන.


කුමන අභියෝග පැමිණියත් රට පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් තවදුරටත් පවත්වාගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පවතින බලශක්ති අභියෝගය ජය ගැනීම ස`දහා විදුලි පාරිභෝගිකයින්ගේ ද සහය අපේක්ෂා කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි නැවත ඉල්ලීමක් කෙරුණා.