Monday, September 23, 2024

General line - 0115112241

ඩෙංගු නසන මෙහෙයුම අද මොරටුවේ




ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගත් මොරටුව තෙලවල ප‍්‍රදේශය ආවරණය වන පරිදි අද (16) ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කෙරෙනවා. මෙම මෙහෙයුම සිදු කරනු ලබන්නේ නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත් වූ තෙලවල ශ‍්‍රී රාහුල දහම් පාසලේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායයි. මොරටුව මහ නගර සභාව සහ මොරටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ද ඊට එක්වනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන තෙලවල ශ‍්‍රී රාහුල දහම් පාසලේ ප‍්‍රධාන ආචාර්ය පූජ්‍ය පලපොත සුමනානන්ද හිමියන් සඳහන් කළේ අද දවසේ රටටම විශාල ගැටලුවක් වී පවතින ඩෙංගු  ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂයෙන් දරුවන් සම්බන්ධ කර ගැනීම තුළින් අනාගතයට පරිසරය රැක ගැනීම පිළිබඳව මනා ප්‍රායෝගික දැනුමක් ඔවුන්ට එකතු වෙන බවයි.

තෙලවල ශ‍්‍රී රාහුල දහම් පාසල අද මෙම ඩෙංගු මර්දන මෙහෙයුම සිදු කරන්නේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය නෙත් නිවුස් යූ ආර් ලීඩර් බලකාය ඊයේ භාරදුන් නෙත් ඩෙංගු චැලෙන්ජ් අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින්.

නෙත් ඩෙංගු චැලේන්ජ් යනු ඩෙංගු මර්දනය සඳහා ප‍්‍රජාව පොළඹවාලීමේ අපේක්ෂාවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ අභියෝග ක්‍රියාදාමයයි. 
 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත්ව රට පුරා දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ද අද සිදු කෙරෙනවා.


මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දුම්රිය මගීන්ගෙන් ද සහය අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණගේ සඳහන් කළේ.