Monday, September 23, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන සිද්ධියට සැකපිට ඇල්ලූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රැගෙන ගිය රථය අනතුරකට




අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, අද උදෑසන (16) මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන යමින් සිටියදී රිය අනතුරකට ලක්ව තිබෙනවා.

එහිදී ඔහුව රැගෙන ගිය මෝටර් රථය මෙලෙස යාපනය, කයිට්ස් හිදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇතුලු තුන්දෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ,  මීට සුළු මොහොතකට පෙර  කයිට්ස් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ලබන 25 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේ යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිදුවීමට අදාළ පරීක්ෂණ සඳහායි. 

එහිදී ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ විද්‍යා අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකරුවෙකුට පලා යෑම සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා යටතේයි.