Monday, September 23, 2024

General line - 0115112241

නව රජයේ ජනප්‍රියත්වය අඩුවීම ගැන එජාපය කතා කරයි




නව රජයක් පත්වී කලක් ගත වන විට එම ජනප‍්‍රියත්වය අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ අතීතයේද එවැනි ආණ්ඩු කාල සීමාවන් පැවති බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ ආණ්ඩුව තව අවුරුදු දෙකහමාරක් තියෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක මැද කාලය පොඩ්ඩක් ජනප්‍රියත්වයෙන් බැහැර වෙනවා. 1977 යු.එන්.පී ආණ්ඩුවක් ආවා. හැබැයි 1981 සහ 82 කාලයේදී මේ තත්ත්වය උදා වුණා." යනුවෙනි.

නුවරඑළිය කුඩා තේ වතු හිමියන්ගේ හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.