Saturday, July 27, 2024

General line - 0115112241

ඩෙංගු මදුරුවා නසන අලුත් මදුරුවාගේ කාලය අවසන් වෙයි




ඩෙංගු මදුරුවන් නැසීම සඳහා පරිසරයට අනුගත කර තිබූ ශාක භක්ෂක මදුරුවාගේ කාලය අවසන් වෙමින් පවතින බැවින් එම මදුරුවන්ගේ තවත් කණ්ඩායමක් පරිසරයට මුදා හැරීමට වෛද්‍ය පර්යේෂණායතනය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වන එහි කීට විද්‍යා හා පරපෝෂිතවේදී අංශයේ අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ පෙන්වා දෙන්නේ මෙම මදුරුවාගේ ජීවිත කාලය මාස 03 ක් නිසා ඩෙංගු මදුරුවා විනාශ කිරීමට ලොකු කාලයක් ගත වෙන බවයි. 

ඒ අනුව පර්යේෂණාගාර තුළ සිටින මෙම මදුරුවන්ගේ බිත්තර දැමීමේ කාලය අඩුවෙන බැවින් පරිසරයෙන් යළිත් මදුරුවන් ගෙනවිත් මෙම මදුරුවා සමග මිශ්‍ර කර යළි නව පරම්පරාවක් නිර්මාණය කරගත යුතු බවද සඳහන් කළා.