Saturday, July 27, 2024

General line - 0115112241

ජූලි මාසයේ මධ්‍යම පළාතේ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට 




ඉකුත් ජූලි මාසයේ පමණක් මධ්‍යම පළාතෙන් ඩෙංගු මරණ 12ක් වාර්තා වී තිබෙනවා.  
 
එම පළාතේ සෞඛ්‍ය කොට්ඨාස කිහිපයක ඩෙංගු රෝගය තවදුරටත් පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. 

වාර්තා වූ  මරණ 12න් 04ක්ම වාර්තා වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. 

ගතවූ මාස 06දී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 4057ක්. 
 
මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1001 වාර්තා වි ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 312ක් වාර්තා වී තිබෙනවා.