Saturday, July 27, 2024

General line - 0115112241

රුපියලේ අගය අඩුවීම නිසා ලංකාවට ගෙන්වන වාහනවලට එක්වරම සිදුවූ දේ 




මාසිකව මෙරටට ආනයනය කරන වාහන  සංඛ්‍යාව පසුගිය ජුනි මාසයේ විශාල වශයෙන් අඩුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

 ත්‍රීරෝද රථ හා යතුරුපැදි හැර වෙනත් වාහන  39000ත් 40000ත් අතර ප්‍රමාණයක් මසකට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර එය පසුගිය මාසයේදී 13000කින් පමණ අඩු වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. 

ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද ඊට මූලිකව හේතු වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. 

එම හේතුවලට අමතරව පසුගිය කාලයේ ඇති වූ තවත් ආර්ථික දුෂ්කරතා ගණනාවක් ද වාහන අලෙවියට බලපා ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.