Saturday, July 27, 2024

General line - 0115112241

ගැබිණි මව්වරුන් වෙනුවෙන්  විශේෂ වැඩසටහනක් ජනපති ප්‍රධානත්වයෙන්




ගැබිණි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්වුණා. 

ඒ, මහනුවර ජනාධිපති මන්දිරයේදීයි. 

එහිදී මධ්‍යම පළාතේ ගැබිණි මව්වරුන් දහසකට අධික සංඛ්‍යාවකට වියළි සලාක හා පෝෂණ මළු බෙදාදීම සිදු කෙරුණා. 

මේ අතර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ තම පුත්‍රයාගේ හදවත හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර ප්‍රදේශයේ පදිංචි අයි පී නන්දසේන හා ඉන්ද්‍රා කළ්‍යානි යන මව්පිය යුවළ ද මෙහිදී ජනාධිපතිවරයා මුණගැසී තිබෙනවා. 

එහිදී ඔවුන් කළ උදාර පරිත්‍යාගය පිළිබඳව ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළා.