Saturday, July 27, 2024

General line - 0115112241

"අපි කාර්ය බහුලයි" - ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමට ඇති ආරාධනයට මුරලි දුන්න උත්තරේ 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුම කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමාව කණ්ඩායමට රැගෙන ඒම නොවන බව  මුත්තයියා මුරලිදරන් පවසනවා. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා සමග අදහස් දක්වමින් මුරලිදරන් සඳහන් කර ඇත්තේ  කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් එය නිවැරදි කර ගත යුතු බවයි. 

තමන් සංගක්කාර හෝ මහේල ගෙන ඒම එයට විසඳුමක් නොවන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.  

තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු නොකළ නිසා එම ආයතනය සමග සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ පිළිබඳ කතා කිරීම නිවැරදි දෙයක් නොවන බවද  මුත්තයියා මුරලිදරන් පවසනවා. 

"අපි කාර්ය බහුල වෙලා ඉන්නේ. සංගක්කාර තවම ක්‍රීඩා කරන අතර මහේල හා මම පුහුණු කිරීම්වල නිරත නිසා කාර්ය බහුලයි." යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.