Monday, September 23, 2024

General line - 0115112241

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කියන කතාව




පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ඇතුළු නාවික සෙබළුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය අද (16) කරුණු පැහැදිලි කළා. 

ඒ, අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. 

ඊට සහභාගී වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරයි. 

එහිදී ඔහු කියා සිටියේ කොමදෝරු ඩී කේ පී දසනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි මත පදනම්ව බවයි. 

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසියම් අයෙකු අභියෝග කරන්නේ නම් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඉකුත්දා තීරණය කෙරුණේ.