Monday, September 23, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය  ගැන  ආණ්ඩුවෙන් අලුත් හෙළිදරවුවක් 

තරංග රුක්ෂාන් ජයසේකර




පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවසන් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වනවා. 

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අරලියගහ මන්දිරයේ දී එම සාකච්ඡාව පැවැත්වුණේ පක්ෂ නායකයින්ගේ ද සහභාගීත්වයෙන්. 

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇත්තේ මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ දී හෝ දෙසැම්බර් මස මුල් සතියේ දී මැතිවරණය පැවැත්වීමටයි. 

නව මැතිවරණ ක්‍රමය යටතේ එය පැවැත්වීමටයි පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇත්තේ. 

මීට අමතරව කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දිනක දී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතයි. 

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය සහභාගී වූයේ නැහැ. ඒ, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින්. 

මේ අතර ඉදිරි මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුනහොත් පක්ෂය අත්හැරීමට වුවද සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ.