Monday, September 23, 2024

General line - 0115112241

මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරීන් වැඩ වර්ජනයක




මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන් අද (17) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ප්‍රධාන ඉල්ලීම් 06ක් ඇතුළු ඉල්ලීම් 18ක් මුල් කර ගනිමින්. 

මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් ඇති වන බලපෑම පිළිබඳ නෙත් නිවුස් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරී සංගමයේ සභාපති බී එම් ඩී කේ බණ්ඩාරනායකගෙන් විමසීමක් කළා. 

ඔවුන් කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ බලධාරීන් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බවයි. 

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලබන 24 වනදා සිට සම්පූර්ණයෙන්ම රාජකාරීවලින් ඉවත්වන බව කාර්මික නිලධාරීන් අවධාරණය කළා.