Monday, September 23, 2024

General line - 0115112241

වී ලීඩ් ශ්‍රී ලංකා අභියෝගය බාරගත් මහ අැමති පළාතෙම ඩෙංගු මඩින්න සූදානම්




වී ලීඩ් ශී‍්‍ර ලංකා සංකල්පයෙන් දිරිමත්ව නෙත් ඩෙංගු චැලෙන්ජ් අභියෝගය භාරගත් මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් මෙහෙයවනු ලබන ඩෙංගු මර්දන මෙහෙයුම මධ්‍යම පළාත් පුරා හෙට සිදු කෙරෙනවා. පළාතේ සියලූ බලධාරී ආයතන ඒ සදහා දැනටමත් දැනුවත් කර තිබෙන බවයි මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, පරිසර කටයුතු අමාත්‍ය එම්. රාමේෂ්වරන් පැවසු ෙව්.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් භාරගත්තේ සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් විසින් භාරදුන් නෙත් ඩෙංගු චැලෙන්ජ් අභියෝගයයි. හෙට සිදු කෙරෙන ඩෙංගු මර්දන මෙහෙයුමේදී මධ්‍යම පළාත පුරා සියලූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් මෙන්ම පොදු ස්ථානද පිරිසිදු කෙරෙනවා. හදුනාගත් අවධානම් ස්ථාන දූමායනය කිරීමටද නියමිතයි.