Thursday, September 19, 2024

General line - 0115112241

බන්දුල සීනි කිලෝවක් රැගෙන මාධ්‍ය ඉදිරියට (PHOTOS)



පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සීනි කිලෝවක් රැගෙන අද (19) පැවැති මාධ්‍ය හමුවකට පැමිණියා.

මෙලෙස සීනි කිලෝවක් රැගෙන මාධ්‍ය හමුවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී හෙතෙම පැවසුවේ මෙම සීනි කිලෝව මාධ්‍ය හමුවට පැමිණෙන අතරතුරදී මිලදී ගත් බවයි.

රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පාලනයක් ඇති කළ බවත් ඒ යටතේ සීනි කිලෝවක මිල රුපියල් 95 කට නියම කර තිබියදීත් වෙළඳපොලේ දී පාරිභෝගිකයාට සීනි මිලදී ගැනීමට සිදුව ඇත්තේ මේ ආකාරයෙන් වැඩි මිලට බවයි එහිදී ඔවු වැඩි දුරටත් පැවසුවේ. තමන් දැන් මිලදී ගත් සීනි කිලෝවේ මිල රුපියල් 100 ක් බවත් පැවසුවා.

එය ප්‍රායෝගිකව මාධ්‍යට අනාවරණය කිරීම සඳහා මෙලෙස සීනි කිලෝවක් රැගෙන මාධ්‍ය හමුවට පැමිණි බවත් පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)

13714289_1055546741188681_1502975337_n 13734547_1055546684522020_141150113_n 13814592_1055546674522021_1051823284_n