Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්නේ සිංහගමේ – විඳින්නේ අපාදුක




පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි 125 සිංහගම වැසියන් පොදු පහසුකම් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

සිංහගම පිහිටා ඇත්තේ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කන්තලේ පොලිස් වසමට යාබදවයි.

සිංහගම එක් පසෙකින් අනුරාධපුර දිස්ත්‍රික් සීමාවටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සීමාවටත් පොළොන්නරුව දිස්ත්‍රික් සීමාවටත් මායිම්ව පිහිටා ඇති හෙයින් කිසිවෙකුගේ සරණක් නොමැති බවයි ගම්වාසීන් පවසන්නේ.

මූලික අවශ්‍යතාවත් සිදු කර ගැනීමට ජලය නිසි පරිදි නොමැති මෙම ගම්මානයේ පවුල් 30 කට ඇත්තේ එක් නල ලිඳක් පමණි. ගමට කඩා පනින වනඅලීන්ගෙන් බේරීම සඳහා ගම්මුන් විසින්ම සාදාගත් හිස් ටින් හා බෝතල් වැටකින් ජීවිත ආරක්ෂාව සළසා ගන්නටත් ඔවුන්ට සිදුව තිබෙනවා. ඒ හරහා වනඅලි ගමට ඇතුලුවීම හඳුනාගන්නා බවයි ගම්වැසියන් සඳහන් කරන්නේ.

sinha gama 01 sinha gama 02 sinha gama 03 sinha gama 04 sinha gama 05 sinha gama 07 sinha gama 08 sinha gama 09 sinha gama 10 sinha gama 12