Monday, September 23, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලයේ  වාහනයකට තර්ජනය කළේ සෙල්ලම් පිස්තෝලයකින් 




නාවල ප්‍රදේශයේදී විදුලිබල මණ්ඩලයේ වාහනයක පිස්තෝලයක් පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වාහනය පසුකර යාම සඳහා ඇතිවූ ප්‍රමාදය නිසා මෙලෙස පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් පරිදි විශේෂ මෙහෙයුමක් දියත් කර එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එම පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බවයි.

එම සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.