Wednesday, January 8, 2025

General line - 0115112241

ජාවාරම්වල නිරත වූ දෙස් විදෙස් පුද්ගලයින් 407ක් පසුගිය වසරේ නාවික හමුදා භාරයට




පසුගිය වසරේ සිදු කළ මෙහෙයුම්වලදී දෙස් විදෙස් පුද්ගලයින් 407 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. 

ඒ, මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතුවලට අදාළවයි. 

එම වැටලීම්වලදී රුපියල් මිලියන 28,158කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.