දවුලගල, හංදෙස්ස ප්රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කදවුරේ නිලධාරීන් කණ්ඩායමයක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී කිලෝග්රෑම් 11 කට ආසන්න කසල තේ ප්රමාණයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇම්බැක්ක ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
වැඩිදුර විමර්ශන සදහා ඔහු තේ තොගය සමග දවුලගල පොලිස් ස්ථානයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.