ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 3 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනුවයි.
කොමිසමේ වාර්තාව ජුනි මස 27 වන දින භාරදිය යුතුයි.
එහෙත් එම කාලසීමාව ඔක්තෝම්බර් 27 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇති බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායකට හෙට (26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.