අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදීයි.
එහිදී ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳවද ජනපතිවයරා සහ නීතිපතවරයා අතර සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.