Friday, September 20, 2024

General line - 0115112241

මහ බැංකු අධිපති පුටුව අවුලක




මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය නිලධාරියෙකු හෝ දේශපාලනඥයෙකු පත් කිරීමේ කිසිඳු හැකියාවක් නොමැති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයන් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විද්වතෙකු වන මේනක හරන්කහ මහතා ප‍්‍රකාශ කළේ මූල්‍ය නීති පනතේ 11 වැනි වගන්තියේ එ් පිළිබඳ පැහැදිළිව කරුණු දක්වා ඇති බවයි.

(එම ප්‍රකාශය පහතින් අහන්න)

වැඩබලන මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳවද මේනක හරන්කහ මහතා කරුණු දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ වැඩබලන මහ බැංකු අධිපතිවරයෙකු පත්කරනු ලබන සාමාන්‍ය තත්ත්වය වන්නේ ඉන්නා වූ මහ බැංකු අධිපතිවරයා තාවකාලිකව එම ධූරයේ වැඩකටයුතු කිරීමට නොහැකි තත්ත්වයක සිටින අවස්ථාවකදී එකී හිඩැස පිරවීම සඳහා මූල්‍ය පනත අනුව හැකි බවයි.

(එම පැහැදිළි කිරීම පහතින් අහන්න)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පත් කිරීම් සම්බන්ධයෙන් සියලු කටයුතු මූල්‍ය නීති පනත අනුව සිදු විය යුතුයි. ඊට පරිබාහිරිව කිසියම් පත් කිරීමක් සිදුවන්නේ නම් පනත සංශෝධනය කළ යුතු බවද මේනක හරන්කහ මහතා ප‍්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිය අභිමතය ක්‍රියාත්මක කිරීම කොයිතරම් දුරට පවතින මූල්‍යමය නීතිවලට ගැලපෙන්නේදැයි යන්න ප්‍රශ්නයක් මතු වෙන බවත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)