Friday, September 20, 2024

General line - 0115112241

කුලියට හිටියත් ඉන්නා තැන ඡන්දය ලියන්න




කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවෙස්වල කුලියට හෝ බද්දට සිටින පුද්ගලයින් හැත්තෑ පන්දහසක් පමණ ඡන්දය සඳහා ලියාපදිංචි වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහෙත් නිවසක කුලියට හෝ බද්දට සිටීම ඡන්දය සඳහා ලියාපදිංචි වීමට බාධාවක් නොවන බවයි එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පෙන්වා දුන්නේ. කුලී පදනම මත සිටින පිරිස් වෙත ඡන්දය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දීමෙන් එකී නිවාස හිමිකරුවන්ට ගැටලුවක් සිදු නොවන බවත් සඳහන් කළා.

මෙම වසර සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන බොහෝ ප‍්‍රදේශවල දැනටමත් බෙදා අවසන් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඡන්ද හිමි නාමලේඛන නිවෙස්වලට බෙදාදීම සහ ඒවා එකතු කරගැනීම ග‍්‍රාම නිලධාරීන්ගේ වගකීමක් බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සිහිපත් කළා. කිසියම් ග‍්‍රාම නිලධාරීවරයෙකු මෙම වගකීම පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් වෙත දැනුම් දෙන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.