Friday, September 20, 2024

General line - 0115112241

මේ සැකකරු දන්නවා ද ?




කහතුඩුව, කිරිවතුඩුව ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට මරණ තර්ජන සිදු කර රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදල්, රන් භාණ්ඩ සහ දේපල සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් තර්ජනයට ලක්වූ බව කියන කාන්තාව පැමිණිල්ලක් ද කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

අපරාධ වාර්තා කොට්ඨාශයේ පොලිස් චිත‍්‍ර ශිල්පියෙකු මාර්ගයෙන් අඳින ලද සැකකරුගේ දළ චිත‍්‍රයක්ද අද (30)පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

 

සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් දන්නේ නම් 0112 70 52 33 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Capture