Wednesday, September 25, 2024

General line - 0115112241

'ඇමති' පරාජය වූ ශ්‍රී ලංකා පිළ ගෙන්වන්න හදයි




පසුගිය කාලසීමාවේදී ශ්‍රී  ලංකා ක්‍රිකට්  කණ්ඩායමට ක්‍රීඩකයන්  තේරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව ක්‍රීඩා  අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. 

ශ්‍රී  ලංකා ක්‍රිකට්  කණ්ඩායම මුහුණපා ඇති පසුබෑම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි නැගෙනු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එළඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම සමග ද ගෙන්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී කියා සිටියේ.