Wednesday, September 25, 2024

General line - 0115112241

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන විපක්ෂයේ තර්කයට මාලිමාවෙන් උත්තර




ඉදිරි මහ මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි බව එම පක්ෂයේ ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

ජනාධිපතිවරණය පරාජයට පත් වුවද මහ මැතිවරණය ජයගත හැකි බවට විපක්ෂයේ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය පක්ෂය සහ සමගි ජන බලවේගය එක් වුවහොත් ඉදිරි මහ මැතිවරණයෙන් ජයගත හැකි බවයි. 


සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සියයට 47ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී සියයට 53ක් ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.


විපක්ෂය මතු කරන මෙම කරුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.