Wednesday, September 25, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරි - මහමැතිවරණය නොවැම්බර් 14




නව ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා 


ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පතික්රිමත් සමගින්.අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගන්නා දිනය වශයෙන් මෙම වසරේ නොවැම්බර් මස දහහතර වැනි දින නියම කර ඇති බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඊට අදාල  නාමයෝජනා බාරගන්නා කාල සීමාව මෙම වසරේ ඔක්තෝබර් මස හතර වන  දිනෙන් ආරම්භ වී  ඔක්තෝබර් මස එකොළොස්වන දින දහවල් දොළහට අවසන් වනවා. 

තවද අභිනව පාර්ලිමේන්තුව මෙම වසරේ නොවැම්බර් මස විසිඑක් වැනි දින රැස්වීම සඳහා කැඳවීමට නියමිතයි 

ඊට අදාල ගැසට් නිවේදනය පහතින්