Wednesday, September 25, 2024

General line - 0115112241

grade5.lk විශේෂ ආශිර්වාද පුජාව අනුරාධපුර දී (PHOTOS)




මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දිවයිනේ සියලූ දරුවන්ට සෙත්පතා grade5.lk  විසින් සංවිධානය කළ විශේෂ ආශිර්වාද පුජාවක් අද (16) පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝධි මළුවේදී පැවැත්වුණා. 

පූජ්‍ය කෑදෑවේ යසස්සි හිමියන් විසින් පවත්වන ලද මෙම ආශිර්වාද පූජාව සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි දරුවන් සහ දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් සහභාගි වුණා. 

grade5.lk  විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා  පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍ර රැසක් නිකුත් කළ අතර grade5.lk  පෙරහුරු විභාග සදහා ද දරුවන් තුළ දැඩි උනන්දුවක් පැවතියා. 

ඒ අනුව grade5.lk  විසින්  අද සුවිශේෂි අනුමාන ප්‍රශ්න පත්‍රයක්ද නිකුත් කර තිඛෙනවා. 

grade5.lk වෙබ් අඩවියට පිවිස හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් යෙදවුම තුළින් මෙම දරුවන්ට මෙම අනුමාණ ප්‍රශ්න පත්‍රය සදහා සහභාගි විය හැකියි. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට සඳහා 070 300 11 55 අංකය අමතන්න.