Wednesday, September 25, 2024

General line - 0115112241

තීන්දුවේ වෙනසක් නැහැ - ජනපති මතක් කරයි




පොලිතීන් සහ ප්ලාස්ටික් සඳහා තහනමක් පැනවීමට රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිඳු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එම තීන්දුව විධිමත්ව සහ කඩිනමින් ක‍්‍රියාවට නැංවීම මධ්‍යම පරිසර අධිකාරියේ වගකීමක් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ජනතාව තුළ ආකල්පමය වෙනස් ඇති කිරීම ද වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ සඳහා ද මධ්‍යම පරිසර අධිකාරිය සුදුසු ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ඊයේ (16) පස්වරුවේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා.

දිස්ත‍්‍රික්ක කිහිපයකට බලපා තිබෙන නියගය පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පානීය ජලය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා දීමට ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.