Wednesday, September 25, 2024

General line - 0115112241

එස්.බී ටම පාඩුව ගෙවන්න ලු




සමෘද්ධි සහනාධාරය සම්බන්ධයෙන් සිදු කර ඇති සමීක්ෂණය සඳහා වැය වූ මුදල් අමාත්‍ය එස්. බී. දිසානායකගෙන් අය කරගත යුතු බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමගේ සඳහන් කළේ සමෘද්ධි මුදල් කප්පාදු කිරීමේ අරමුණින් පමණක් ගෙන ආ මෙම යෝජනාවට කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය එස්. බී. දිසානායක පැවසුවේ මෙම සමීක්‍ෂණයේ පරිගණක දත්ත වැරදි ලෙස ඇතුළත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද ඔහු පැවසුවා.

සමෘද්ධි සහනාධාරය කිසිසේත් නොකැපිය යුතු කොටසකගේ ද මෙම දත්ත ඇතුළත් කිරීමේදී සහනාධාරය කැපී ගොස් ඇති බවද සඳහන් කළා.

අමාත්‍ය එස්. බී. දිසානායකගේ මෙම කරුණු දැක්වීම පිළිබඳව ද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමගේ ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී ඔහු කියා සිටියේ මෙම තොරතුරු රැස් කිරීම සඳහා යොදා ගත් ප්‍රශ්නම විද්‍යාත්මක පදනමකින් තොර එකක් වූ බවයි. අදාළ සමීක්‍ෂණය සඳහා සිදු කර ඇති වියදම රුපියල් කෝටි 13 කට වැඩි බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.