Wednesday, September 25, 2024

General line - 0115112241

TNA රජයට එරෙහිව ජාත්‍යන්තරයට නැවත පැමිණිළි කරයි




රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නැවත වරක් පැමිණිල්ලක් භාර දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් පැවසුවේ මුලතිව්හි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් තවදුරටත් හමුදාවන් යටතේ පවත්වා ගැනීම සහ යුද්ධය පැවති සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තවමත් පිළිතුරක් ලබා නොදීම මෙමගින් ප‍්‍රශ්නකර ඇති බවයි. 

මුලතිව්හි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් මේ වනවිට දින 169ක අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් සිදු කෙරෙන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

යුද්ධය පැවති සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලමින් තවත් සත්‍යග‍්‍රහයක් දැන් දින 180ක් තිස්සේ සිදු කෙරෙන බවයි ටී. රවිහරන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.