Wednesday, September 25, 2024

General line - 0115112241

"ජනතාව නොමග යවනවා" - නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කමිටුවේ සභාපතිගෙන් ප්‍රකාශයක්




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇතැම් පිරිස් කරන ප‍්‍රකාශ ජනතාව නොමග යවන බව නීතීඥ ලාල් විජේනායක පවසනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා වූයේ ද ඔහුයි. 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව ඉකුත් මහ මැතිවරණයේ දී මතුවූ ප‍්‍රධාන ජනතා අපේක්ෂාවක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

නීතීඥ ලාල් විජේනායක මෙම අදහස් පළ කළේ මාතලේ ඊයේ (16) පැවති සම්මන්ත‍්‍රණයකදීයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "දවසක් ජී.එල් පීරිස් මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා.. සකස්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එයා දැකලා තියෙනවයි..ඒක එයා ගාව තියෙනවා කියලා.. ඔය ලාල් විජේනායක කමිටුව කරන්නේ බොරුවක් කියලා.. කිව්වා. පස්සේ මම එතුමට දුරකතනයෙන් කතා කරලා කිව්වා..'ඔබතුමා ළඟ තියෙන ව්‍යවස්ථාවේ පිටපතක් මටත් දෙන්න බැරිද? මමත් කැමතියි ඒක බලන්න කියලා.' එතකොට එතුමා හිනාවෙලා කිව්වා.'ආ නැ..නැ..දන්නැද්ද ඉතින්..' කියලා කතාව මඟහැරියා." යනුවෙනි.