Wednesday, September 25, 2024

General line - 0115112241

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි




රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) දිනට කැඳවා තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සාකච්ඡාවලදී සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලබා දීම නිසා වැඩවර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටවූ බවයි එහි සභාපති සමන් රත්නප‍්‍රිය කියා සිටියේ.  

ලිඛිතව ලබා දුන් පොරොන්දු ඉදිරි සති දෙක ඇතුළත ක‍්‍රියාත්මක විය යුතු බව ද මෙහි දී අවධාරණය කෙරුණා. 

වැඩි කළ වැටුප්ට සාපේක්ෂව අතිකාල දීමනා ගෙවීමට බලධාරීන් මේ වන විට එකඟ වී ඇති බවත් සඳහන් කළා.