Wednesday, September 25, 2024

General line - 0115112241

මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගනී




ත්‍රීරෝද රථ රියදුරෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ඊයේ (19) පස්වරු 2'30 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ 06 කනුව දේවාලය ඉදිරිපිටදී සිදු කළ පරීක්ෂාවකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර මෙරට නිෂ්පාදිත අත්බෝම්බය පොලිස් භාරයට ගත්තා.

සැකකරු වයස අවුරුදු 30ක්වූ ගමේවෙල පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන බදුල්ල පොලිසිය සිදු කරනවා.