Wednesday, September 25, 2024

General line - 0115112241

කෑගල්ලේ අනතුරෙන් ළමුන් 03ක් ඇතුළු 16 ක් රෝහලේ (UPDATE)




කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

අද (20) උදෑසන මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

අනතුරින් සිව් හැවිරිදි සහ 11 හැවිරිදි ළමුන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කෑගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

-----------------------------------

රථ තුනක් එකට ගැටෙයි - කෑගල්ලේ ට්‍රැෆික් (PHOTOS)

(2017 - 08 - 20 09:12)

කෑගල්ල - මීපිටිය - කරඬුපන ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් සහ වෑන් රථයක්  එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (20) පෙරවරු 7.30 පමණ සිදුවූ මෙම අනතුරින් කිහිපදෙනෙකු තුවාල ලැබූ බවයි කෑගල්ල පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම රිය අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.