Wednesday, September 25, 2024

General line - 0115112241

විජයදාස ඉල්ලා අස් වෙයි ලු




අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බොහෝ දුරට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා යම් තීරණයක් ගනු ඇති බවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ඉකුත්දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එහිදී තීරණය කෙරුණේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කමිටුවක් පත් කිරීමටයි.

අදාළ කමිටුවේ තීරණය හෙට (21) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව කියා සිටියා.