Wednesday, September 25, 2024

General line - 0115112241

අලි වෙඩිල්ලක් නිසා වැල්ලවායේ රුචිරට ශිෂ්‍යත්වය අහිමි වුණ හැටි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




වන අලින් එලවා දැමීම සඳහා භාවිතා කරනු ලබන අලි වෙඩිල්ලක් පත්තු වීමෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසුවෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා .

මෙසේ තුවාල ලබා ඇත්තේ වැල්ලවාය යෞවන කුමාරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, කුමාරපුර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රුචිර කේසාන් නමැති දරුවෙක්. 

පසුගිය 19 සවස නිවසේ තිබූ අලි වෙඩිල්ලක් පත්තුකිරීමට යාමේදී දරුවාගේ අතේ ඇඟිලි වලට සිදුවූ හානිය නිසා මෙසේ රෝහල් ගත කර තිබෙනවා.

හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා අද (20) දින කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවා.

නිවසේ තිබූ අලි වෙඩිල්ල ගෙන දරුවා පත්තුකිරීමට යාමේදී එය අතේ පත්තුවීමෙන් දරුවාගේ අත තුවාල වූ බව දරුවාගේ පියා වන විමලරත්න කියා සිටියා.