Wednesday, September 25, 2024

General line - 0115112241

ජනතාව ආරක්ෂාව ඉල්ලන් ගිය 'දේවාලයට' දැන් පොලිස් ආරක්ෂාව ඉල්ලන් යයි (UPDATE)




අද (22) නොසන්සුන්කාරී තත්වයෙන් පසු ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ සන්ධ්‍යා පූජාව මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.

ඒ, විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේයි.

අද ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි 2ක් ඉදිරිපත් වී තිබෙනවා.

ඉන් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කලේ, මහ දේවාලයේ ප‍්‍රධාන කපු මහතායි.

මහ දේවාලයේ යතුරු කැරැල්ල පැහැර ගත් බව පැවසෙන බස්නායක නිළමේ ඞී.බී. කුමාරගේ විසින් අද දහවල් අනෙක් පැමිණිල්ල ගොනු කර තිබුණා.

ඒ, බැතිමතුන්ගෙන් ලද රුපියල් ලක්ෂ 10ක මුදලක්ද, ලක්ෂ 3කට අධික භාණ්ඩ තොගයක් හා රුපියල් ලක්‍ෂ 5 ක් වටිනා රන් මාලයක් අතුරුදන්වී ඇති බව පවසමින්.

 අනපේක්ෂිත ලෙස අද උදැසන මහදේවාලයේ යතුර පැහැර ගෙන ගියේ මන්දැයි බස්නායක නිළමේ ඞී.බී. කුමාරගේගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ඇරලා තිබ්බ දේවාලයේ දොරවල් වැහුවේ කපු මහතායි. දැන් මට චෝදනා කරනවා. මම ආවේ දේවාලයට යන්නයි. ඕන වෙලාවක දේවාලයට ඇතුළු වෙන්න මට අයිතිය තියෙනවා" යනුවෙනි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙකු කතරගම පුදබිමට පැමිණි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.