Saturday, May 4, 2024

General line - 0115112241

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පහර දෙන්න ගෙනා “කොටි අවි“ තොගයක් හසුවෙයි

රොමේෂ් මධුශංක




එල් ටී ටී ඊ සංවිධානයට අයත්ව තිබූ යුද උපකරණ තොගයක් වව්නියාව, මුන්ඩි මුරුප්පුව ප‍්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන තිබෙනවා.  

එල් ටී ටී ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බ 6 ක් ද වන බවයි වව්නියාව පොලීසිය පැවසුවේ. තවත් බෝම්බ දෙකක්ද සොයාගෙන ඇති අතර මේවා ඉකුත් යුද සමයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට පහරදීමට රැගෙනආ බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට පෙර අවස්ථාවකද වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන වැට සීමාව ආසන්නයේ ඉඩමක ළිදක තිබී එල් ටී ටී ඊ සංවිධානය සගවා තිබූ ආයුධ විශාල තොගයක් සොයාගනු ලැබුවා.