Wednesday, September 25, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතන පරීක්ෂණයට මාහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට?




රගර් කී‍්‍රඩක වසිම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථාගතවීම සම්බන්ධයෙන් හිටපු කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව නීතිපතිවරයා අද (24) අධිකරණයට දැනුම් දුන්නා. ඒ,

අනුව වසිම් තාජුඞීන්ගේ ශරීරයේ කොටස් ලෙස සලකා සයිටම් ආයතනයෙන් සොයාගත් අස්ථි කොටස් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත භාරදෙන ලෙසයි අතිරේක මහේස්ත‍්‍රාත් ජෙරාම් ට්‍රොක්සි නියෝග කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.