Wednesday, September 25, 2024

General line - 0115112241

විශ්වාසභංගය නිසා ඉල්ලා අස්වෙනවාද? රාජිත කියන කතාව




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත අද බාරදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු අදහස් පලකළා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒව. චෝදනා නැති නිසා දාපු චෝදනා. පහුගිය රජයේ දූෂිතයින් අපි රට වෙනුවෙන් කළ දේවල් චෝදනා විදියට ගෙනල්ල. මම ඉන්නෙ ජනවාරි 8 ස්ථාවරයේ. විශ්වසභංග 10ක් ගෙනාවත් හැම දූෂිතයෙක්ම හැම මිනීමරුවෙක්ටම නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරනවා.“ යනුවෙනි.

මෙහිදී අමාත්‍යවරයාට ඉවත්වන්ට සිදු වෙයිදැයි මාධ්‍ය වේදියකු නැගූ පැනයට පිළිතුරුදුන් අමාත්‍යවරයා පැවසුවේ තමා ඉවත් කිරීමට ආ සියළු දෙනාට ඉවත්වන්නට සිදුවූ බවය.