Wednesday, September 25, 2024

General line - 0115112241

රටේම විහාර කොටස් 04කට බෙදේ




දිවයිනේ වෙහෙර විහාරස්ථාන ශ්‍රේණිගත කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ආධාර සහ පහසුකම් ඉල්ලා බොහෝ වෙහෙර විහාරස්ථානවලින් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගත් බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

පහසුකම්වලින් යුක්ත වෙහෙර විහාරස්ථානවලින්ද එම ඉල්ලීම් ලැබෙන බව ඔහු සඳහන් කළා. 

ඒ අනුව වෙහෙර විහාරස්ථාන කාණ්ඩ 4 කට ශ්‍රේණිගත කිරීමටයි තීරණය වී ඇත්තේ.

එහි 4 වන කාණ්ඩයට ඇතුළත් වන්නේ අතිදුෂ්කර වෙහෙර විහාරස්ථානයි. රජයෙන් ප‍්‍රතිපාදන ලබාදීමේදී එම කාණ්ඩයේ වෙහෙර විහාරස්ථාන සඳහා මූලිකත්වය ලබාදීමට නියමිතයි.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙහෙර විහාරස්ථාන ශ්‍රේණිගත කිරීම සිදුකරන බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේ.