Wednesday, September 25, 2024

General line - 0115112241

නව දේශීය ආදායම් පනතෙන් ජනතාවට බලපාන කරුණු රැසක් වෙනස් වෙයි




නව දේශීය ආදායම් පනතට අනුව තමන්ට හිමි බදු සහන ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

නව දේශීය ආදායම් පනත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පනත සම්බන්ධයෙන් මතු වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද ඉකුත්දා පත් කෙරුණා.

එම කමිටුව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජනතාවට යම් යම් ක්ෂේත්‍රයන් කෙරෙහි බලපාන කරුණු රාශියක් පිළිබඳව මෙම පනතෙන් වෙනස්කම් සිදු කර ඇති බවයි. සංශෝධන 110 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් කර තිබූ බවත් පෙන්වා දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බදු සහනද සාමාන්‍ය ජනතාවගේ ප්‍රමාණයටම ගෙන ඒමට මෙහිදී ජනාධිපතිවරයා නියෝග කර තිබූ බවද පැවසුවා.

2006 වසරෙන් පසු දේශීය ආදායම් පනත සංශෝධනය කෙරෙන පළමු අවස්ථාව මෙය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නව දේශීය ආදායම් පනත මගින් කිසිඳු ආගමික ස්ථානයකින් බදු අය කිරීමක් සිදු නොවන බවයි රජය කියාසිටියේ. නව පනත මගින් සේවක අර්ථසාධක මුදල සම්බන්ධයෙන්ද බදු අයකිරීමක් සිදු නොවන බවද ප‍්‍රකාශ කෙරුණා.