Wednesday, September 25, 2024

General line - 0115112241

යුද හමුදාව සිදු කිරීමට යන යුද අභ්‍යාසයක් ගැන ජනතාව දැනුවත් කෙරේ




ලබන සැප්තැම්බර් මස 03 වැනිදා සිට 24 වැනිදා දැක්වා යුද හමුදාවේ පැවැත්වෙන යුද අභ්‍යාසයක් පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙනවා. 

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාව 08 වන වරටත් සංවිධාන කරන දියකාවා යුද අභ්‍යාසය මෙය වනු ඇති. 

පදවිය, මින්නේරිය, ත‍්‍රිකුණාමලය, වාකරේ, මඩකලපුව, අම්පාර, හම්බන්තොට ඇතුළු නැගෙනහිර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙය පැවැත්වෙනවා.

මෙම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (24) කොළඹදී පැවැත්වුණා.

එහිදී දියකාවා යුද අභ්‍යාසයේ මූලික අරමුණ පැහැදිලි කළ එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කළේ තනි තනි පුද්ගලයන්ගේ තීරණ ගැනීමේ හැකියාව මෙන්ම කණ්ඩායමක තීරණ ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙම අභ්‍යාසය ක්‍රියාත්මක බවයි.

වර්තමානය වනවිට ගෝලීය වශයෙන් අවධානය යොමු වී ඇති සයිබර් ප‍්‍රහාර සම්බන්ධයෙන්ද අභ්‍යාස සිදු කිරීමට නියමිත බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.