Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියානු කාන්තාවන් 06ක් ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙයි




ඉන්දීය තරුණියක් 06 දෙනෙක් ලොව වටා සංචාරය කරමින් ඉතිහාසය වෙනස් කිරීමට සූදානම් වනවා. ඔවුන් 06 දෙනාම ඉන්දීය නාවික හමුදා සාමාජිකාවන්. මාස 07ක් පුරා නාවික සැතපුම් 21,000ක දුර ගෙවා ලොව වටා සංචාරය කිරීමයි මෙම කණ්ඩායමේ අභිප‍්‍රාය වී ඇත්තේ.

ඒ සඳහා අඩි 56ක දිගකින් යුක්ත නවීන යාත‍්‍රාවක් ද සූදානම් කර අවසන්. මාස කිහිපයක් තිස්සේ සිදු කරන පුහුණුවීම්වලින් අනතුරුව ඔවුන් ඉන්දියාවේ ගෝආ වරායෙන් සිය සංචාරය ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ.