Thursday, May 9, 2024

General line - 0115112241

බංගලියන්ගෙන් කැන්ගරුවන්ට නොසිතූ අභියෝගයක්




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී නොසිතූ අභියෝගයක් එල්ල කිරීමට සත්කාරක බංග්ලාදේශය සමත් වී සිටිනවා. තරගය ආරම්භ වූ ඊයේ (27) දිනය තුළ  ඕස්ටේ‍්‍රලියානු පළමු ඉණිමේ කඩුලූ 04ක් ලකුණු 33ක් තුළ බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු ඉණිමට සියලූ දෙනා දැවී ලකුණු 260යි. ශකීබ් අල් හසන් ලකුණු 84ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 71ක් රැස් කළා. තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ ඩකා නුවරදීයි.