Saturday, July 27, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 7කගේ මන්ත්‍රීධූර අනතුරේ?




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරන් 07 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ වාර්තා පළ වනවා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි වන මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ද අහිමි වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙහි ඇති නීතිමය තත්වය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරංකහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව පක්ෂයක් මන්ත්‍රීවරයකුගේ සාමාජිකත්වය තහනම් කළහොත් මන්ත්‍රීධූරයද අහිමි වන බවය. එහෙත් අදාල මන්ත්‍රීවරයාට තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රීධූරය අහිමි කළේ නිසි අයුරින් නොවන බව මසක් ඇතුළත අධිකරණය වෙත ගොස් එහි වරදක් ඇත්නම් එය ඔප්පු කළ හැකි බවද ඔහු පවසනවා. 

කෙසේ වෙතත් අධිකරණයෙන් ලබාගන්නා නියෝගයක් මත මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම තාවකාලකිව නතර කරගැනීමට හැකියාව පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මන්ත‍්‍රී ධුරයට වඩා පක්ෂය බලවත් වීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇති බවයි ආචාර්ය මේනක හරංකහ කියා සිටියේ. ගාමිණි දිසානායක ලලිත් ඇතුළත්මුදලි මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දෙනවා.