Friday, October 18, 2024

General line - 0115112241

පොලිතින් නීතිය කඩ කළොත් අවුරුදු හතරක් හිරේ.. කෙන්යාවේ අලුත්ම නීතිය මෙන්න




ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කරමින් කෙන්යාව පැන වූ නීතිය අද (28) සිට දැඩිව ක‍්‍රියාත්මක වනවා. 

ඒ අනුව පොලිතින් මලු  භාවිතය නිෂ්පාදනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්. 

මෙම නීතිය කඩ කරන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 38 (රූපියල් 5800.00) දහසක දඩයක් පනවනු ඇති. 

එවැනි පුද්ගලයෙකුට හිමි වන සිර දඬුවම වසර 04කට වැඩියි. 

පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම නීතිය ක‍්‍රියාත්මක කරන බවයි කෙන්යානු රජය පවසන්නේ. 

කෙසේ වෙතත් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදකයින් පවසන්නේ මේ හේතුවෙන් රැකියා 80,000ක් අහිමි වන බවයි.