Saturday, July 27, 2024

General line - 0115112241

ඒ - 9 මාර්ගයේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් හතකට තුවාල (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




වව්නියාව ඒ - 9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත හා තාණඩික්කුලම් ප්‍රදේශවලදී වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල ගතකර ඇති බව වව්නියාව හා ඕමන්ත පොලීසිය පවසනවා.

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී අද (28) සුඛෝපභෝගී වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ මුලතිව් සිට වව්නියාවට පැමිණි ත්‍රී රෝද රථයක් හා කොළඹ සිට යාපනය ගිය සුඛෝපභේගී වෑන් රථයක් අතරයි.

අනතුරින් ත්‍රී රෝද රථයේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර සිව් දෙනෙකුම වසස අවුරුදු 11,13,14 සහ 16 යන වසස්වල පසුවන්නන් වනවා.

අනතුරින් පසුව වෑන් රථයේ රියදුරු ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (27) සවස වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.