Monday, April 29, 2024

General line - 0115112241

ස්ත්‍රී දූෂණ නිසා ඉන්දීය පූජකයකුට වසර 10ක සිරදඬුවම් - තවත් 38 දෙනෙක් මරුට




ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ ආගමික නායකයෙකු ලෙස සැළකෙන ගුර්මිත් රාම් රහීම් නැමැත්තා වසර 10ක් සදහා අද (28) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ, ඔහුට එල්ලවන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වන චෝදනා යටතේයි. 

සිය ආගමික ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් 25වනදා මොහු වරදකරු බවට තීරණය කෙරුණා. 

එම තීරණයත් සමග ගුර්මිත් රාම් රහීම්ගේ අනුගාමිකයන් ප‍්‍රචණ්ඩකාරිව හැසිරීම හේතුවෙන් පුද්ගලයන් 38ක් ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත් අද ලබා දුන් මෙම තීන්දුවත් සමග නැවතත් ගැටුම් ඇති විය හැකි බවයි එරට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන්නේ මේ හේතුවෙන් හර්යානා ප‍්‍රාන්තයේ ආරක්ෂාවද තවදුරටත් තරකර ඇති බවයි.